Monday, November 20, 2017

ඩන්සිනන් ඇල්ල

නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු

අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑළියට තමයි යන්නේ. අන්න එහෙම යන ගමන් බලන්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න හදන්නේ . ඒ තමයි සුන්දර ඩන්සිනන් ඇල්ල.ගොඩක් දෙනෙක් නුවර එළියේ සංචාරය කලත් මේ දිය ඇල්ල මග හැරලා තමයි යන්නේ . රම්බොඩ පාරෙන් වගේම හැටන් තලවාකැලේ හරහා යනවානම් තලවාකැලෙන් පූඩලුඹය පාරේ පුඩලුඔයට ඇවිත් ඩන්සිනන් ඇල්ල හරහා නුවරඑළි පාරෙන් ගියහම ඇල්ල බලාගෙනම නුවරඑළියට යන්න පුළුවන්. පූඩලුඔය නගරයේ ඉදලා කිලෝමීටර් 3ක් විතර දුරකින් තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.

ඇත්තටම ඩන්සිනන් ඇල්ල නිර්මානය වන්නේ මිටර් 2423 ක් උසැති ග්‍රේට්වෙස්ටන් කදුවැටියේ උතුරු බෑවුමෙන් ආරම්භ වන ඩන්සිනන් ඔයෙන් . කොටස් දෙකකට ඇද හැලෙන ඇල්ල මැදින් දිවෙන ප්‍රධාන මාර්ගය හා දිය ඇල්ල අසලම ඇති කෝවිල ඇල්ලට එක්කරන්නේ අමුතුම සුන්දරත්වයක් . ඇල්ලේ නියම ලස්සන බලාගන්න ඇල්ල පහුකරලා ටිකක් ඇවිදගෙන එන්න ඕන. එහෙම ආවම අර තට්ටු දෙකට කඩා හැලෙන සුන්දර ඩන්සිනන් ඇල්ල පේනවා.

නකල්ස් වනයේ ලෝකාන්තය

නකල්ස් වනාන්තරයේ හමුවන තවත් කුඩා ලෝකාන්තයක් තමයි මේ ඩිස්ටන්වල තියෙන ලෝකාන්තය. හුන්නස්ගිරියේ ඉදන් මී මුරේ යන කෙනෙකුට කි.මි.10 ක් වගේ යන විට ඩිස්ටන්වලදි හමු වන නකල්ස් සංරක්ෂණ මධ්‍යයස්ථානයේ ඉදන් මිටර් 500 ක් වගේ ගියහම ඕනම අයකුට මේ කුඩා ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.ඉතින් ඔය කිව්වේ හැමෝම වගේ යන මාර්ගයකින් ගිහින් කුඩා ලෝකාන්තය දැක ගන්න විදිය තමයි. නමුත් හැමෝම යන මාර්ගය වෙනස් කරලා අලුත් මාර්ගයක් දිගේ ඩිස්ටන් කුඩා ලෝකාන්තයට යන්න අපි අදහස් කලා. ඉස්සර වෙලාම කියන්නම්කෝ යන පාර කොහොමද කියලා. මහනුවර ඉදන් තෙල්දෙනියට ඇව්ත් එතනින් කරලියැද්ද හරහා රංගලට ඇවිත් එතැන් සිට තවත් කි.මි.5ක් වගේ ගියහම තන්ගප්පුවට යන්න පුළුවන්. තන්ගප්පුවේ ඉදන් නකල්ස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ කි.මි.4ක් වගේ ගියහම කෝබට් ගැප් එකට ලගා වන්න පුළුවන්.

මේ කි.මි.4 යන්නනම් 4 විල් වාහනයක් තිබුනොත් තමා වඩා හොඳ. කෝබට් ගැප් එක කියන්නේ ගොඩක් අයට මතක තැනක් තමයි. මොකද මී මුරේ යන විට හමුවෙන නිසා. කෝබට් ගැප් එකේ ඉදන් හුන්නස්ගිරිය පැත්තට කි.මි.10 ක් වගේ ආවහම තමයි කුඩා ලෝකාන්තයට යන ඩිස්ටන් හමුවන්නේ.

ඩන්සිනන් ඇල්ල

නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑ...