නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු
අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑළියට තමයි යන්නේ. අන්න එහෙම යන ගමන් බලන්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න හදන්නේ . ඒ තමයි සුන්දර ඩන්සිනන් ඇල්ල.ගොඩක් දෙනෙක් නුවර එළියේ සංචාරය කලත් මේ දිය ඇල්ල මග හැරලා තමයි යන්නේ . රම්බොඩ පාරෙන් වගේම හැටන් තලවාකැලේ හරහා යනවානම් තලවාකැලෙන් පූඩලුඹය පාරේ පුඩලුඔයට ඇවිත් ඩන්සිනන් ඇල්ල හරහා නුවරඑළි පාරෙන් ගියහම ඇල්ල බලාගෙනම නුවරඑළියට යන්න පුළුවන්. පූඩලුඔය නගරයේ ඉදලා කිලෝමීටර් 3ක් විතර දුරකින් තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.
ඇත්තටම ඩන්සිනන් ඇල්ල නිර්මානය වන්නේ මිටර් 2423 ක් උසැති ග්‍රේට්වෙස්ටන් කදුවැටියේ උතුරු බෑවුමෙන් ආරම්භ වන ඩන්සිනන් ඔයෙන් . කොටස් දෙකකට ඇද හැලෙන ඇල්ල මැදින් දිවෙන ප්‍රධාන මාර්ගය හා දිය ඇල්ල අසලම ඇති කෝවිල ඇල්ලට එක්කරන්නේ අමුතුම සුන්දරත්වයක් . ඇල්ලේ නියම ලස්සන බලාගන්න ඇල්ල පහුකරලා ටිකක් ඇවිදගෙන එන්න ඕන. එහෙම ආවම අර තට්ටු දෙකට කඩා හැලෙන සුන්දර ඩන්සිනන් ඇල්ල පේනවා.
සුන්දර ශ්‍රී ලංකා
සුන්දර ශ්‍රී ලංකාවේ ඔබ නුදුටු සුන්දර දසුන් මගේ දෑසින්
Monday, November 20, 2017
නකල්ස් වනයේ ලෝකාන්තය
නකල්ස් වනාන්තරයේ හමුවන තවත් කුඩා ලෝකාන්තයක් තමයි මේ ඩිස්ටන්වල තියෙන ලෝකාන්තය. හුන්නස්ගිරියේ ඉදන් මී මුරේ යන කෙනෙකුට කි.මි.10 ක් වගේ යන විට ඩිස්ටන්වලදි හමු වන නකල්ස් සංරක්ෂණ මධ්‍යයස්ථානයේ ඉදන් මිටර් 500 ක් වගේ ගියහම ඕනම අයකුට මේ කුඩා ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.ඉතින් ඔය කිව්වේ හැමෝම වගේ යන මාර්ගයකින් ගිහින් කුඩා ලෝකාන්තය දැක ගන්න විදිය තමයි. නමුත් හැමෝම යන මාර්ගය වෙනස් කරලා අලුත් මාර්ගයක් දිගේ ඩිස්ටන් කුඩා ලෝකාන්තයට යන්න අපි අදහස් කලා. ඉස්සර වෙලාම කියන්නම්කෝ යන පාර කොහොමද කියලා. මහනුවර ඉදන් තෙල්දෙනියට ඇව්ත් එතනින් කරලියැද්ද හරහා රංගලට ඇවිත් එතැන් සිට තවත් කි.මි.5ක් වගේ ගියහම තන්ගප්පුවට යන්න පුළුවන්. තන්ගප්පුවේ ඉදන් නකල්ස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ කි.මි.4ක් වගේ ගියහම කෝබට් ගැප් එකට ලගා වන්න පුළුවන්.
මේ කි.මි.4 යන්නනම් 4 විල් වාහනයක් තිබුනොත් තමා වඩා හොඳ. කෝබට් ගැප් එක කියන්නේ ගොඩක් අයට මතක තැනක් තමයි. මොකද මී මුරේ යන විට හමුවෙන නිසා. කෝබට් ගැප් එකේ ඉදන් හුන්නස්ගිරිය පැත්තට කි.මි.10 ක් වගේ ආවහම තමයි කුඩා ලෝකාන්තයට යන ඩිස්ටන් හමුවන්නේ.

Wednesday, August 2, 2017
සුන්දර ඇල්ල
ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වන අතර නගර සභාවක් මගින් පාලනය වේ. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත.
රාවණා ඇල්ල - ඇල්ල පිහිටි මීටර 25ක් පමණ උස් වූ රමණීය දිය ඇල්ලකි. රාවණා රජ සම්බන්ධ ජනප්‍රවාද මෙම දියඇල්ල සමග බැඳී පවතී.
දෙමෝදර අාරුක්කු නමයේ පාලම - දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි මෙරට ජනප්‍රිය ආරුක්කු පාලමක් වේ.
දෝව රජ මහා විහාරය - දෝව පෞරාණික විහාරය බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.
රාවණා ඇල්ල - ඇල්ල පිහිටි මීටර 25ක් පමණ උස් වූ රමණීය දිය ඇල්ලකි. රාවණා රජ සම්බන්ධ ජනප්‍රවාද මෙම දියඇල්ල සමග බැඳී පවතී.
දෙමෝදර අාරුක්කු නමයේ පාලම - දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි මෙරට ජනප්‍රිය ආරුක්කු පාලමක් වේ.
අග්නිදිග වෙරළේ සුන්දරත්වය
ආරුගම්බේ ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ, වියළි කලාපීය ඉන්දියන් සාගරය ආශ්‍රිත පිහිටා ඇති බොක්කක් වේ. මෙම බොක්ක ආසන්න වශයෙන් පොතුවිල්වෙළෙඳපොළ නගරයේ සිට කිලෝමීටර 4ක් (සැතපුම් 2.5)දකුණින් සහ කොළඹ සිට කිලෝමීටර 320ක් ( සැතපුම් 200) නැගෙනහිරින් පිහිටා ඇත. සාම්ප්‍රදායිකව ධීවර කර්මාන්තය මෙම ප්‍රදේශෙයේ ප්‍රදාන යැපුම් ආර්ථිකය වේ.
බොක්ක, වෙරළ තීරයේ සිට ක්‍රියාත්මක වන විශාල ධීවර යාත්‍රා ප්‍රමාණයකට නවතා තැබීමේ ඉඩ ලබා දෙයි. සුනාමියෙන් පසුවබොහෝ සංවිධාන බෝට්ටු පරිත්‍යාග කල අතර එහි ප්‍රතිපලයක් ලෙස අන් කවරදාටත් වඩා වැඩි ධීවර යාත්‍රා ගණනක් පවතී. ප්‍රධාන වෙරළ ටිකක් අපිරිසිදු අතර ආසන්නයේ ඇති වෙරළ හා සාපේක්ෂව බලන විට එය සුන්දර බැවින් සහ විශිෂ්ට තරංග රළ සහිත වේ.

නොදියුණු ගම්මානයේ සුන්දරත්වය
මීමුරේ යනු ශ්‍රී ලංකාවේ ජනගහනය 400 ක් පමණ වාසය කරන ගමකි. නකල්ස් කඳු වැටියේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්ක අතර මායිම අසල පිහිටා ඇත. මීමුරේ යනු ශ්‍රී ලංකාවේ දුර්ලභ සුන්දර ගම්මාන වලින් එකකි.
ලකේගල කන්ද පිහිටා ඇත්තේ මීමුරේ ගම්මානයේය. රාවනා රජතුමා දඬු මොණරේ උඩුගං කළ ස්ථානය ලෙස සැලකේ. ගම්මිරිස්, කරදමුංගු, වී හා ඉඟුරු වැනි ප්‍රධාන කෘෂි බෝග මෙහි වැඩි වශයෙන් වගා කරනු ලැබේ.

මහනුවර - මහියංගනය පාරේ කිලෝ මීටර් 35 ක් දුරින් හුන්නස්ගිරිය හංදිය හමුවේ. එතැනින් වමට හැරී කිලෝමීටර 30 ක් ගමන් කර විට මීමුරේ නගරය හමුවේ.
Subscribe to:
Posts (Atom)
ඩන්සිනන් ඇල්ල
නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑ...
-
මීමුරේ යනු ශ්‍රී ලංකාවේ ජනගහනය 400 ක් පමණ වාසය කරන ගමකි. නකල්ස් කඳු වැටියේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්ක අතර මායිම අසල පිහිට...
-
ආරුගම්බේ ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ, වියළි කලාපීය ඉන්දියන් සාගරය ආශ්‍රිත පිහිටා ඇති බොක්කක් වේ. මෙම බොක්ක ආසන්න වශයෙන් පොතුවිල්වෙළෙඳපො...
-
නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑ...